දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන
About This Course
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ නායකත්ව හැකියාවන් සහ වෘත්තීය කළමනාකරණ කුසලතා වර්ධනය කිරීමයි. වැඩසටහන මඟින් සමුපකාර සමිති ඵලදායීව නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මෘදු කුසලතා (Soft Skills), වාර්තා විශ්ලේෂණ හැකියාවන් සහ නිවැරදි තීරණ ගැනීමේ නිපුණතා ශක්තිමත් කිරීමට අවධානය යොමු කරයි. එමඟින් නිලධාරීන්ට වඩාත් කාර්යක්ෂම, වගකීමෙන් යුතු සහ ප්රතිඵලදායී සේවාදායකත්වයක් ඉටු කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික හැකියාවන් සංවර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන සහාය වේ.
Learning Objectives
සමුපකාර නිළධාරින් තුළ්ින් වෘත්තීය කළමනාකරණ කුසලතා හා නායකත්ව කුසලතා ප්‍රදර්ශනය වේ.
සමුපකාර සමිතිවලින් ලැබෙන වාර්තා නිවැරදිව විශ්ලේෂණය කිරීමට, අර්ථ නිරූපණය කිරීමට සහ ඒවා මත පදනම්ව ඵලදායී ප්‍රතිපෝෂණ ලබා දීමට හැකි වේ.
ක්ෂේත්‍ර කාර්යමණ්ඩල පරිපාලනය සහ කළමනාකරණ ගැටලූ විසඳීම සඳහා තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වේ.
ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය පරිපාලනය කිරීම, සමුපකාර බැංකු නියාමනය කිරීම සහ සංවර්ධන භූමිකාවන් නිසි ලෙස ඉටු කිරීමට හැකිවේ.
Target Audience
- දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිළධාරීන්