බදුකරණය ඩිප්ලෝමා පාඨමාලාව
About This Course
ශ‍්‍රී ලංකාවේ බදු නීති සහ රෙගුලාසි පිළිබඳ පුළුල් හා සවිස්තරාත්මක දැනුමක් වෘත්තිකයන්ට ලබා දීම මගින් විවිධ ආදායම් වර්ග (රැකියා, ආයෝජන, ව්‍යාපාර), සමාගම් බදුකරණය, අගය එකතු කළ බද්ද (VAT) සහ ජාත්‍යන්තර බදුකරණය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. තවද, බදු පරිපාලන ක‍්‍රමවේද, බදු සැලසුම්කරණය (Tax Planning) සහ අදාළ බදු සම්බන්ධ නීතිය පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දීම තුළින් ආයතනවල බදු අනුකූලතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
Learning Objectives
බදුකරණයේ මූලධර්ම සහ ශ‍්‍රී ලංකාවේ බදු වර්ග (ආදායම් බදු, VAT) ආදී පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
සේවා නියුක්ත ආදායම්, ආයෝජන ආදායම්, ප‍්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) සහ ව්‍යාපාර ආදායම් සඳහා බදු ගණනය කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
පුද්ගලයන්, සමාගම් සහ අනෙකුත් ව්‍යවසායන් සඳහා වන බදුකරණ නීති හා රෙගුලාසි නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සහ ජාත්‍යන්තර බදුකරණයේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
බදු පරිපාලන ක‍්‍රියාවලීන්, බදු සැලසුම්කරණය සහ බදු නීතිවලට අනුකූල වීමේ වැදගත්කම පිළිබඳව දැනුම ලබා ගැනීම.
අදාළ බදු නීතිය (case study), RAMIS පද්ධතිය සහ බදු ආචාර ධර්ම (Ethic) පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.
Target Audience
- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්
- සමුපකාර සමිති වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
- සමුපකාර සමිති වල නිළධාරීන්
Curriculum
7 Lessons