බැංකු කළමනාකරණ ඩිප්ලෝමාව
About This Course
සමුපකාර ග‍්‍රාමීය බැංකු ඇතුළු මුල්‍ය හා බැංකු ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂම කළමනාකරණය සඳහා අවශ්‍ය පුළුල් න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම සහ කුසලතා වෘත්තිකයන්ට ලබාදීම තුළින් කළමනාකරණ න්‍යායන්, මූල්‍ය හා බැංකු ක‍්‍රම, තොරතුරු තාක්ෂණය යෙදවීම සහ ක්ෂුද්‍රමූල්‍යකරණය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. එමගින් සහභාගිවන්නන්ගේ වෘත්තීය කළමනාකරණ කුසලතා, සේවා අලෙවිකරණ හැකියාවන් සහ නීතිමය රාමුව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට හැකිවේ.
Learning Objectives
සමුපකාර සංවර්ධනය, ව්‍යාපාර පරිසරය සහ බැංකුකරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
කළමනාකරණයේ න්‍යාය හා ව්‍යවහාරය සහ මූල්‍ය හා බැංකු ක‍්‍රම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
බැංකු මෙහෙයුම් කළමනාකරණය සහ ක්ෂුද්‍රමූල්‍යකරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
බැංකුකරණය සඳහා අදාළ නීතිමය රාමුව, මූල්‍ය ගිණුම්කරණ ක‍්‍රමවේද සහ විශේෂයෙන්ම සමුපකාර ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවීම
සේවා අලෙවිකරණය, පාරිභෝගික සත්කාරය සහ ග‍්‍රාමීය බැංකු මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජන විවිධාංගීකරණය පිළිබඳ තීරණ ගැනීමට හැකි වීම.
Target Audience
- මූල්‍ය සේවා සමුපකාර සමිතිවල නිළධාරීන් සහ සමුපකාර බැංකු පද්ධතිය හා සම්බන්ධ සියලූම කාර්යමණ්ඩල සාමාජිකයින්