සමුපකාර සමිති කාරකසභා / අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය හා වගකීම් දෙවන වැඩසටහන
About This Course
මෙම වැඩමුළුව සමුපකාර සමිතියක කාරකසභා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යයන්, බලතල සහ යුතුකම් පිළිබඳ සහභාගිවන්නන්ගේ දැනුම හා අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත. වැඩසටහන මඟින් සමුපකාර පාලන ක්‍රමවේද, නීතිමය වගකීම්, තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සහ වගකීමෙන් යුතු නායකත්වයේ වැදගත්කම පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් ලබා දේ. එමඟින් සමුපකාර සමිතියක කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ සාමාජික හිතකාමී පාලනයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීමට සහාය වේ.
Learning Objectives
සමුපකාර සමිතියක කාරක සභා/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට නෛතිකව පැවරි ඇති කාර්යයන් බලතල සහ යුතුකම් නිවැරදිව හඳුනාගෙන කටයුතු කරයි
සමුපකාර සමිතියේ ව්‍යාපාර කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව තිරණ ගනු ලබයි.
සමුපකාර සමිති කාරකසභා / අධ්‍යක්ෂ මණ්ඩල කාර්යයන් සම්බන්ධ නෛතික බැදිම් හදුනාගෙන නීතිමය රාමුවට අනුව කටයුතු කරයි.
Target Audience
- විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂවරුන්
- අනෙකුත් සමුපකාර සමිති කාරක සභිකයින්