තීරක විභාග පැවැත්වීම පිළිබඳ වැඩමුළුව
About This Course
මෙම වැඩමුළුව සමුපකාර සමිතිවල තීරක විභාගයන් පැවැත්වීම සහ ප්‍රදානයන් ලබාදීමේදී අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටි පිළිබඳ මූලික දැනුම හා ප්‍රායෝගික අවබෝධය සහභාගිවන්නන්ට ලබා දීම අරමුණු කරයි. වැඩසටහන මඟින් අදාළ නීති, රෙගුලාසි සහ විධිවිධාන පිළිබඳ අවබෝධය වර්ධනය කරමින්, සාධාරණ, පාරදෘශ්‍ය සහ විධිමත් ආකාරයෙන් තීරක කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීමට සහාය වේ. එමඟින් සමුපකාර සමිතිවල නීතිමය ක්‍රියාදාමයන් කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිපුණතා ගොඩනැගීමටද මෙම වැඩමුළුව දායක වේ.
Learning Objectives
තීරක විභාග පැවැත්වීමේ නෛතික ක‍්‍රියාපටිපාටිය සහ මූලධර්ම නිවැරදීව හදුනාගැනීම.
ඵලදායී ලෙස බේරුම්කරුවෙකුගේ කාර්යපටිපාටිය අනුගමනය කිරීම
සාක්ෂි සහ සම්පිණ්ඩන වාර්තා නිවැරදිව පරිශීලනය කරමින් තීරක ප‍්‍රදාන ලබාදීම හා බලගැන්වීම.
Target Audience
- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරීන්