මූල්‍ය සේවා ණය කළමණාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
About This Course
ග‍්‍රාමීය බැංකු සහ සණස වැනි මූල්‍ය සේවා සමුපකාර සමිතිවල කළමනාකරුවන්ගේ ණය කළමනාකරණ ක‍්‍රියාවලිය හා ණය ප‍්‍රතිසාධන කුසලතා ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණයි. යහපත් ණය සම්පාදන ක‍්‍රමයක ලක්ෂණ, ණය ප‍්‍රධානයේ අධියරයන් සහ ණය තීරණ ගැනීමේ සම්පූර්ණ ක‍්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කෙරේ. එමගින් ණය කළඹේ ගුණත්වය වැඩි දියුණු කිරීම, පැහැර හරින ලද ණය ( NPL) කළමනාකරණය කිරීම සහ ණයකරුවන් සමඟ අඛණ්ඩ සබඳතා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිපුණතා වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
Learning Objectives
ණය නිර්වචන, ණය වර්ගීකරණය සහ යහපත් ණය සම්පාදන ක‍්‍රමයක ලක්ෂණ පැහැදිලි කිරීමට හැකි වීම.
ණය ප‍්‍රධානයේ පූර්ණ අධියරයන් (ණයලාභීන් හඳුනා ගැනීම, තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය) සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.
ණය මුදල් නිර්දේශ කිරීම/අනුමත කිරීම/ප‍්‍රතික්ෂේප කිරීම සහ සුරැකුම් ලියවිලි තබා ගැනීම සඳහා වන නිවැරදි ක‍්‍රියාපටිපාටි අනුගමනය කිරීමට හැකි වීම.
පැහැර හරින ලද ණය ( NPL ) අක‍්‍රමික ගණයට මාරු කිරීම, ණය අය කිරීම, සුරැකුම් උපලබ්ධි කිරීම සහ නෛතික කටයුතු පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.
x දුර්වල ණය හිලව් ව්‍යාපෘති පුනරුත්ථාපනය කිරීම, ණය ප‍්‍රතිලේඛනගත කිරීම හා ප‍්‍රතිව්‍යුහගත කිරීම ( Restructuring) සඳහා ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
x ණයකරුවන් ඇගයීම, ශ්‍රේණිගත කිරීම සහ හරස් අලෙවිකරණය ( Cross-marketing ) තුළින් ඔවුන් රඳවා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සංවර්ධනය කිරීමට හැකි වීම.
Target Audience
- ග‍්‍රාමීය බැංකු නිලධාරීන්
- සණස වැනි මූල්‍ය සේවා සමුපකාර සමිතිවල කළමනාකරුවන් සහ කළමණාකරන සහකාරවරුන්