උකස් කළමනාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
උකස්කරණයට අදාළ මූලික නීති, රීති සහ උකස්කරණය සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වීම.
උකස් භාණ්ඩ නිවැරදිව හා අපක්ෂපාතීව තක්සේරු කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
උකස් ගැනීමේ ක‍්‍රියාවලිය, පොලිය ගෙවා අලූත් කිරීම සහ උකස් නිදහස් කිරීමේ සමස්ත ක‍්‍රියාවලිය නීත්‍යානුකූලව ඉටු කිරීමට හැකි වීම.
උකස් ලේඛන නඩත්තුව, සේප්පු පරිහරණය සහ කල් ඉකුත් වූ උකස් භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රමිත පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුව සහ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප‍්‍රමිතීන් ( LKAS 01) අවබෝධ කර ගැනීමට හැකි වීම.
තොග ( LKAS 02), මුදල් ප‍්‍රවාහ ප‍්‍රකාශ (LKAS 01), දේපල, පිරියත හා උපකරණ (LKAS 16) වැනි මූලික ගිණුම්කරණ අංග සඳහා අදාළ ප‍්‍රමිතීන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
ආදායම් හා අයභාරය (SLFRS 15), මූල්‍ය සාධක පත‍්‍ර (SLFRS 09/LKAS 32) සහ ආයෝජන දේපල ( LKAS 40) වැනි සංකීර්ණ ප‍්‍රමිතීන් සමුපකාර සන්දර්භය තුළ අර්ථකථනය කිරීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම්, වැරදි( LKAS 08) සහ වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදුවීම් සඳහා වන ප‍්‍රමිතීන් ( LKAS 10) අනුව කටයුතු කිරීමට හැකි වීම.
ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත (රීති, සංකල්ප, ගිණුම් වර්ග* පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
ග‍්‍රාමීය බැංකු මෙහෙයුම් සඳහා කවුළු මුදල් පොත නිවැරදිව පවත්වාගෙන යාමට සහ දෛනික ගිණුම් සටහන් යෙදවීමට හැකි වීම.
ප‍්‍රධාන කාර්යාලය සමඟ ගිණුම් සමතුලිත කිරීම සහ විවිධ පැවරුම් සේවා සඳහා වන ගිණුම්කරණ ක‍්‍රමවේද නිවැරදිව යෙදවීමට හැකි වීම.
ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් භාවිතයෙන් ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණයේ සංකීර්ණ ගැටලූ නිරාකරණය කිරීමට හැකි වීම.
සමුපකාර සංවර්ධන නිලධාරීන් සඳහා ප‍්‍රායෝගික ගිණුම්කරණය පුහුණු වැඩසටහන
What you'll learn
න්‍යායාත්මක ගිණුම්කරණයේ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
න්‍යායාත්මක ගිණුම්කරණය සහ ප‍්‍රායෝගික ගිණුම්කරණය අතර ඇති සමානකම් හා වෙනස්කම් හඳුනාගෙන, ඒවා නියාමන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වීම.
සමුපකාර සමිතිවල මූල්‍ය වාර්තා නිවැරදිව කියවීමට, තක්සේරු කිරීමට සහ එහි ගිණුම්කරණ පද්ධතියේ දුර්වලතා හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර සමිතිවල ගිණුම්කරණ කටයුතු සඳහා නිවැරදි උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දීමට හැකි වීම.
සකසුරැවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති සඳහා ගිණුම්කරණ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සණස සමිතියක භාණ්ඩාගාරිකවරයෙකුගේ ප‍්‍රධාන භූමිකාවන්, රාජකාරි සහ නෛතික වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර සණස සමිතියක ගිණුම්කරණ ප‍්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප‍්‍රකාශන නිවැරදිව පිළියෙල කිරීමට හැකි වීම.
මූල්‍ය වාර්තා විශ්ලේෂණය කර, එම තොරතුරු මත පදනම්ව සමිතියේ තත්ත්වය අර්ථකථනය කිරීමට හැකි වීම.
ආයෝජන කළඹ කළමනාකරණය පිළිබඳ මූලික දැනුම ලබා ගැනීම සහ අයවැය ක‍්‍රියාත්මක කිරීමට අනුකූලව කටයුතු කිරීමට හැකි වීම.
සමුපකාර සණස සමිතිවලට අදාළ ගිණුම්කරණ ප‍්‍රමිතීන් සහ විගණනය හා අභ්‍යන්තර පාලන ක‍්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ සිද්ධාන්ත පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත හඳුනා ගැනීමට හැකිවීම.
එම සිද්ධාන්ත ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළින් සමුපකාර ගිණුම්කරණයේ දී භාවිත වන ආකාරය අවබෝධ කර ගැනීමය හැකිවීම.
නිවැරදි ගිණුම්කරණයක් සිදු නො කිරීම තුළින් සමිතියක් මුහුණ දෙන අවදානම හඳුනා ගැනීමට හැකිවීම.
සමුපකාර කේෂත‍්‍රය සඳහා අවදානම් කළමනාකරණය සහ රක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුව
What you'll learn
අවදානම් (Risk) සහ රක්ෂණය (Insurance) පිළිබඳ මූලික සංකල්ප සහ ඒවා සමුපකාර අංශයට අදාළ වන ආකාරය පැහැදිලි කිරීමට හැකි වීම.
රක්ෂණයේ මූලධර්ම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳව දැනුම ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සාර්ථක අවදානම් කළමනාකරණ පිළිවෙත් (Risk Management Practice) සංවර්ධනය කිරීමට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.
රක්ෂණ හිමිකම් කළමනාකරණය (Claims Management) සහ රක්ෂණ පරිපාලනය සඳහා වන ක‍්‍රියා පටිපාටි අවබෝධ කර ගැනීමට හැකි වීම.
මුල්‍ය කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
ආයතනයක මූල්‍ය තිරසාරභාවය සහ මූල්‍ය සෞඛ්‍යය තක්සේරු කිරීමේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
ආයතනික අවශ්‍යතා සඳහා අයවැයකරණයේ අවශ්‍යතාවය සහ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
මූල්‍ය උපකරණ (ත්‍සබ්බජස්ක සබිඑරමපැබඑි* සහ මූල්‍ය ප‍්‍රතිලාභ ඇගයීම සඳහා වන ක‍්‍රමවේදයන් පිළිබඳ දැනුම ලබා ගැනීම.
ඵලදායී මූල්‍ය සන්නිවේදනයක් සහ මූල්‍ය වාර්තාකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම.
මූල්‍ය තොරතුරු මත පදනම්ව ආයතනයකට බලපාන තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය නිවැරදිව මෙහෙයවීමට හැකි වීම.
ක්ෂුද්‍ර මුල්‍ය ණය කළමණාකරනය හා ණය ප‍්‍රතිසාධන පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ (ඵසජරද සෙබ්බජැ ක්‍රුාසඑ සබිඑරමපැබඑි* හඳුනා ගැනීමට සහ ඒවායේ භාවිතය අවබෝධ කර ගැනීමට හැකි වීම.
ණය අනුමත කිරීමේ ක‍්‍රියාවලියේදී අත්‍යවශ්‍ය පෙරවිපරම ඡුරු-ැඩ්කම්එසදබ * සහ ණය ප‍්‍රතිසාධනයේදී පසුවිපරම ( ඡුදිඑ-ැඩ්කම්එසදබ * නිවැරදිව සිදු කිරීමට හැකි වීම.
ආයතනයේ ණය කළඹේ ගුණත්වය විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
ණය ප‍්‍රදානය සඳහා අවශ්‍ය ප‍්‍රතිලේඛනගත කිරීම සහ මූල්‍ය උපකරණ සංවර්ධනය පිළිබඳව දැනුම ලබා ගැනීමට හැකි වීම.
මූල්‍ය සේවා ණය කළමණාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
ණය නිර්වචන, ණය වර්ගීකරණය සහ යහපත් ණය සම්පාදන ක‍්‍රමයක ලක්ෂණ පැහැදිලි කිරීමට හැකි වීම.
ණය ප‍්‍රධානයේ පූර්ණ අධියරයන් (ණයලාභීන් හඳුනා ගැනීම, තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය) සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.
ණය මුදල් නිර්දේශ කිරීම/අනුමත කිරීම/ප‍්‍රතික්ෂේප කිරීම සහ සුරැකුම් ලියවිලි තබා ගැනීම සඳහා වන නිවැරදි ක‍්‍රියාපටිපාටි අනුගමනය කිරීමට හැකි වීම.
පැහැර හරින ලද ණය ( NPL ) අක‍්‍රමික ගණයට මාරු කිරීම, ණය අය කිරීම, සුරැකුම් උපලබ්ධි කිරීම සහ නෛතික කටයුතු පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.
x දුර්වල ණය හිලව් ව්‍යාපෘති පුනරුත්ථාපනය කිරීම, ණය ප‍්‍රතිලේඛනගත කිරීම හා ප‍්‍රතිව්‍යුහගත කිරීම ( Restructuring) සඳහා ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
x ණයකරුවන් ඇගයීම, ශ්‍රේණිගත කිරීම සහ හරස් අලෙවිකරණය ( Cross-marketing ) තුළින් ඔවුන් රඳවා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සංවර්ධනය කිරීමට හැකි වීම.
ආයෝජන තිරණ ගැනීම හා ප‍්‍රශස්ත අයෝජන කළඹක් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
ආයෝජන සහ සමපේක්ෂණය අතර වෙනස හඳුනා ගනිමින් ආයෝජන අරමුණු නිවැරදිව තීරණය කිරීමට හැකි වීම.
අවදානම් සහ ප‍්‍රතිලාභ අතර සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීමට සහ මුදලේ කාල අගය හා සඵල පොලී අනුපාතය යොදා ගනිමින් ආයෝජන ඇගයීමට ලක් කිරීමට හැකි වීම.
මූල්‍ය සාධන පත‍්‍රය හඳුනා ගැනීම හා මිණුම් කිරීමේ ක‍්‍රමවේදයන් අවබෝධ කර ගැනීම.
ආයෝජනය කළ යුතු සහ නොකළ යුතු උපකරණ හා ස්ථාන පිළිබඳව තීරණ ගැනීමටත්, එම තීරණ මත පදනම්ව ප‍්‍රශස්ත ආයෝජන කළඹක් සකස් කිරීමටත් හැකි වීම.
ආයෝජන කළමනාකරණය සඳහා ආයෝජන කමිටු වල කාර්යභාරය හා ආයෝජන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් සකස් කිරීමේ වැදගත්කම සහ ක‍්‍රමවේදය අවබෝධ කර ගැනීමට හැකි වීම.
- 1
- 2