ග්‍රාමීය බැංකු ගිණුම්කරණය පිලිබඳ පුහුණු වැඩසටහන
About This Course
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සමුපකාර ග්‍රාමීය බැංකු පද්ධතියට විශේෂිත වූ මූලික ගිණුම්කරණ සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳ දැනුම ලබා දීමයි. කවුළු මුදල් පොත ( Teller Cash Book ) පවත්වාගෙන යාම, ප්‍රධාන කාර්යාලය (Head Office ) සමඟ ගිණුම් සටහන් පැනවීම සහ විවිධ පැවරුම් සේවා (Agency Services) සඳහා ගිණුම්කරණය වැනි විශේෂිත අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. එමගින් ග්‍රාමීය බැංකු සේවකයින්ගේ ගිණුම්කරණ නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
Learning Objectives
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත (රීති, සංකල්ප, ගිණුම් වර්ග* පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
ග්‍රාමීය බැංකු මෙහෙයුම් සඳහා කවුළු මුදල් පොත නිවැරදිව පවත්වාගෙන යාමට සහ දෛනික ගිණුම් සටහන් යෙදවීමට හැකි වීම.
ප්‍රධාන කාර්යාලය සමඟ ගිණුම් සමතුලිත කිරීම සහ විවිධ පැවරුම් සේවා සඳහා වන ගිණුම්කරණ ක්‍රමවේද නිවැරදිව යෙදවීමට හැකි වීම.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතයෙන් ග්‍රාමීය බැංකු ගිණුම්කරණයේ සංකීර්ණ ගැටලූ නිරාකරණය කිරීමට හැකි වීම.
Target Audience
- සමුපකාර ග්‍රාමීය බැංකු කළමනාකරුවන්/ බැංකු සේවා කළමනාකරුවන් ඇතුළු ග්‍රාමීය බැංකු වල සේවයේ නියුතු සියලූම නිළධාරීන්