ගිණුම්කරණ ප්‍රමිත පිලිබඳ පුහුණු වැඩසටහන
About This Course
සමුපකාර සංවර්ධන නිලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුව සමුපකාර සමිතිවල මූල්‍ය ප්‍රකාශන නිවැරදිව තක්සේරු කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අර්ථකථනය කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම, තොග, දේපල, මුදල් ප්‍රවාහ සහ ආදායම් වැනි ප්‍රධාන ගිණුම්කරණ අංග සඳහා අදාළ වන (SLAuS/SLFRS) ප්රමිතීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ලැබේ. එමගින් සමුපකාර අංශයේ මූල්‍ය වාර්තාකරණයේ නිරවද්‍යතාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
Learning Objectives
මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුව සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්රමිතීන් ( LKAS 01) අවබෝධ කර ගැනීමට හැකි වීම.
තොග ( LKAS 02), මුදල් ප්‍රවාහ ප්‍රකාශ (LKAS 01), දේපල, පිරියත හා උපකරණ (LKAS 16) වැනි මූලික ගිණුම්කරණ අංග සඳහා අදාළ ප්රමිතීන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
ආදායම් හා අයභාරය (SLFRS 15), මූල්‍ය සාධක පත්‍ර (SLFRS 09/LKAS 32) සහ ආයෝජන දේපල ( LKAS 40) වැනි සංකීර්ණ ප්රමිතීන් සමුපකාර සන්දර්භය තුළ අර්ථකථනය කිරීමට හැකි වීම.
ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම්, වැරදි( LKAS 08) සහ වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදුවීම් සඳහා වන ප්රමිතීන් ( LKAS 10) අනුව කටයුතු කිරීමට හැකි වීම.
Target Audience
- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිළධාරීන්
- සමුපකාර සමිති අධ්යක්ෂ මණ්ඩල හා කාරක සභා සාමාජීකයන්
- සමුපකාර සමිති ගණකාධිිකාරිවරුන් සහ ගිණුම් නිළධාරින්
- සණස කළමනාකරුවන් සහ ගිණුම් නිළධාරින්