සමුපකාර විගණන නිළධාරින් සඳහා ප‍්‍රයෝගික විගණන පුහුණු වැඩසටහන
About This Course
සමුපකාර විගණන නිලධාරීන්ගේ ප‍්‍රායෝගික විගණන කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණුවේ ප‍්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම, සමුපකාර සමිතිවල පොදු ලෙජර් (ඨැබැර්ක ඛැාටැර* සහ ඊට අදාළ මූලාශ‍්‍ර ලේඛන නිවැරදිව හඳුනාගෙන විශ්ලේෂණය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම මෙහිදී අවධාරණය කෙරේ. මූල්‍ය ප‍්‍රකාශන ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදයන් පුහුණු කිරීම තුළින් විගණන වාර්තාවල නිරවද්‍යතාවය සහ ප‍්‍රමිතිය ඉහළ නැංවීමටත්, එමගින් සමුපකාර අංශයේ මූල්‍ය විනය තහවුරු කිරීමත් අරමුණු වෙයි.
Learning Objectives
විගණන ක‍්‍රියාවලියේදී පොදු ලෙජරය හා ඊට අදාළ මූලාශ‍්‍ර ලේඛනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
සමුපකාර මූල්‍ය ප‍්‍රකාශන ගැඹුරින් විශ්ලේෂණය කිරීමට සහ එහි අක‍්‍රමිකතා (Irregularities) හඳුනා ගැනීමට හැකි වීම.
විගණන වාර්තා සකස් කිරීමේදී අවශ්‍ය ප‍්‍රමිතිකරණය සහ නීතිමය අනුකූලතාව පවත්වා ගැනීමට හැකි වීම.
මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා සමුපකාර සමිතිවලට නිවැරදි ප‍්‍රතිපෝෂණ හා උපදෙස් ලබා දීමට හැකි වීම.
Target Audience
- විවිධ සේවා සමුපකාර සමිතිවල අභ්‍යන්තර විගණන නිළධාරින්
- ගිණුම් කළමනාකරුවන්
- ගිණුම් කළමනාකරණ සහකාරවරුන්
- ගිණුම් සහයකවරුන්