සමුපකාර සමිති කාර්යාභිවර්ධනය සඳහා ඵලදායී මානව සම්පත් උපයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහන
About This Course
මෙම දින දෙකක කෙටි පාඨමාලාවේ ප‍්‍රධාන අරමුණ වන්නේ, සමුපකාර සංවිධානවල සිටින ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ සහ මානව සම්පත් කළමනාකරණ වගකීම් දරන නිලධාරීන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමයි. මෙමගින්, මානව සම්පත් සැලසුම්කරණය, කාර්යමණ්ඩල බඳවාගැනීම, පුහුණුව, සේවක කාර්යසාධනය ඉහළ නැංවීම සහ දුක්ගැන්විලි හැසිරවීම වැනි විෂයයන් පිළිබඳ අවබෝධය ලබාදී, ආයතනික ඵලදායිතාව සහ සේවක කාර්ය සාධනය වැඩි දියුණු කරන ඵලදායී මානව සම්පත් භාවිතයන් යෙදවීමට ඔවුන්ට හැකිවීම ලබා දීම තුළින් සමුපකාර සංවිධාන තුළ මානව සම්පත් කාර්යයන් යොදවාගැනිමට සහ භාවිතය පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට සේවක කාර්ය සාධනය සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කරන ඵලදායී මානව සම්පත් භාවිතයන් යෙදීමට සහභාගිවන්නන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබේ.
Learning Objectives
සමුපකාර සංවිධාන තුළ ඵලදායී ලෙස මානව සම්පත් උපයෝජනයට අදාල මානව සම්පත් සැලසුම්කරණය,බදවාගැනිම, තෝරාගැනිම, සේවා නියුක්තියෙහි චලන පිළිබඳ අවබෝධයක් සහිතව රාජකාරි කටයුතු සිදුකිරිම හා,
සමුපකාර සංවිධානවල සේවක කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සුදුසු ලෙස මානව සම්පත් භාවිත කිරිම.
Target Audience
- සමුපකාර ව්‍යවසයන්හි සාමාන්‍යාධිකාරි/ප‍්‍රධාන විධායක/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්
- සමුපකාර ව්‍යවසයන්හි මානව සම්පත් කළමනාකරණය පිළිබද වගකීම පවරා ඇති කළමනාකරුවන්