සමුපකාර හා සමාජ ව්‍යවසාය කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව

admin

About This Course

සමාජ ව්‍යවසාය සහ සමුපකාර පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව බාහිර ආයතනයක කළමනාකරණය, ගණකාධිකරණය, සමාජීය විද්‍යාවන්, හෝ ලිබරල් කලා හා විද්‍යා ක්ෂේත‍්‍රයේ ී SLQF 3 හෝ NVQ 5 ඩිප්ලෝමාවක් හිමිි අයට සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ඕනෑම ඩිප්ලෝමාවක් හිමි අයට ක්‍රෙඩිට් 30ක් නිදහස් කර ගනිමින් ප‍්‍රවේශ විය හැකි සමාජ ව්‍යවසාය සහ එහි ප‍්‍රමුඛ කොටසක් වන සමුපකාර ව්‍යවසාය කලමනාකරණය පිළිබඳව ඉහළ මට්ටමේ දැනුමක් ලබාදෙන පාඨමාලාවකි. මූලික වශයෙන් මෙය ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ විද්‍යාර්ථීන්ට සිය ඩිප්ලෝමා පාඨමාලාවලින් පසුව උසස් අධ්‍යාපනයට ඉඩකඩ විවර කිරීමකි. මේ අනුව මෙම පාඨමාලාව සමාජ ව්‍යවසාය කලමනාකරණය පිළිබඳ දාර්ශනික, න්‍යායික හා ව්‍යවහාරික යන පාර්ෂව ත‍්‍රිත්වයෙන්ම පුළුල් අවබෝධයකින් යුතු විද්‍යාර්ථීන් බිහි කිරීම අරමුණු කෙරේ.

Show More

Learning Objectives

සමාජ ව්‍යවසාය සහ සමුපකාර කළමනාකරණය පිළිබඳ දාර්ශනික, න්‍යායික හා ව්‍යවහාරික අවබෝධයක් ලැබීම.
සමාජ වටිනාකම් නිර්මාණය සඳහා සංවිධාන චර්යාව, අලෙවිකරණය සහ සහභාගීත්ව කළමනාකරණ දැනුම ප‍්‍රායෝගිකව යෙදවීමේ හැකියාව වර්ධනය.
ක්ෂුද්‍ර මූල්‍ය, මූල්‍ය අන්තර් ග‍්‍රහණය, සහ මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් වර්ධනය.
සමාජ ගැටලූ හා ප‍්‍රජා සංවර්ධන ක‍්‍රියාවලීන් මෙන්ම සමාජ ප‍්‍රතිපත්ති පිළිබඳව විචාරාත්මකව විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබීම.

Target Audience

  • ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ සමුපකාර ව්‍යාපාරය පාදක කුමන හෝ විෂය අන්තර්ගතයන් සහිත ඕනෑම ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ වෙනත් බාහිර ආයතනයක කලමනාකරණය, ගණකාධිකරණය, සමාජීය විද්‍යාවන්, හෝ වෙනත් ලිබරල් විද්‍යා හෝ කලා ක්ෂේත‍්‍රයේ ීSLQF 3 හෝ NVQ 5 මට්ටමේ ඩිප්ලෝමාවක් හෝ ඊට ඉහළ පිළිගත් සුදුසුකමක් හිමිකරගත් අයට ඇතුළු විය හැකි උසස් ජාතික ඩිප්ලෝමාවකි.

Curriculum

මෘදු කුසලතා සහ වෘත්තීය සංවර්ධනය

සමුපකාර හා සමාජ ව්‍යවසායකත්වය: න්‍යාය හා ව්‍යවහාරය

සමාජය, සංස්කෘතිය, සමාජ ගැටලූ හා ප‍්‍රජා සංවර්ධනය

සහභාගීත්ව හා අන්තර්ග‍්‍රහණිත කළමනාකරණය

කාර්මික සමාජ විද්‍යාව සහ සමූපකාර ව්‍යාපාරය

සමූපකාර සහ සමාජ ව්‍යවසායන් සදහා තොරතුරු තාක්ෂණය, කෘත‍්‍රිම බුද්ධිය සහ ඩිජිටල් විපරිවර්තන

සමාජ වටිනාකම් නිර්මාණය සඳහා සංවිධාන චර්යාව සහ අලෙවිකරණය

සමාජ ව්‍යවසායකයින් සඳහා කළමනාකරණ ආර්ථික විද්‍යාව සහ ප‍්‍රමාණාත්මක මිනුම්

ක්ෂුද්‍ර මූල්‍ය සහ මූල්‍ය අන්තර්ග‍්‍රහණය

සමාජ ව්‍යවසායන්හි මෙහෙයුම් හා සේවා කළමනාකරණය

මානව කේන්ද්‍රිත සැලසුම්කරණය

සමාජ ප‍්‍රතිපත්ති හා සමුපකාරය

ව්‍යවහාරික පර්යේෂණය / සමාජ නවෝත්පාදන ව්‍යාපෘතිය (නිබන්ධිකාව හෝ සමාජ නවෝත්පාදන ව්‍යාපෘතිය)

Your Instructors

admin

0/5
80 Courses
0 Reviews
0 Students
See more
15
$0.00
Level
Intermediate
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.