උකස් කළමනාකරණය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
උකස්කරණයට අදාළ මූලික නීති, රීති සහ උකස්කරණය සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වීම.
උකස් භාණ්ඩ නිවැරදිව හා අපක්ෂපාතීව තක්සේරු කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
උකස් ගැනීමේ ක‍්‍රියාවලිය, පොලිය ගෙවා අලූත් කිරීම සහ උකස් නිදහස් කිරීමේ සමස්ත ක‍්‍රියාවලිය නීත්‍යානුකූලව ඉටු කිරීමට හැකි වීම.
උකස් ලේඛන නඩත්තුව, සේප්පු පරිහරණය සහ කල් ඉකුත් වූ උකස් භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රමිත පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුව සහ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප‍්‍රමිතීන් ( LKAS 01) අවබෝධ කර ගැනීමට හැකි වීම.
තොග ( LKAS 02), මුදල් ප‍්‍රවාහ ප‍්‍රකාශ (LKAS 01), දේපල, පිරියත හා උපකරණ (LKAS 16) වැනි මූලික ගිණුම්කරණ අංග සඳහා අදාළ ප‍්‍රමිතීන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
ආදායම් හා අයභාරය (SLFRS 15), මූල්‍ය සාධක පත‍්‍ර (SLFRS 09/LKAS 32) සහ ආයෝජන දේපල ( LKAS 40) වැනි සංකීර්ණ ප‍්‍රමිතීන් සමුපකාර සන්දර්භය තුළ අර්ථකථනය කිරීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම්, වැරදි( LKAS 08) සහ වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදුවීම් සඳහා වන ප‍්‍රමිතීන් ( LKAS 10) අනුව කටයුතු කිරීමට හැකි වීම.
ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත (රීති, සංකල්ප, ගිණුම් වර්ග* පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
ග‍්‍රාමීය බැංකු මෙහෙයුම් සඳහා කවුළු මුදල් පොත නිවැරදිව පවත්වාගෙන යාමට සහ දෛනික ගිණුම් සටහන් යෙදවීමට හැකි වීම.
ප‍්‍රධාන කාර්යාලය සමඟ ගිණුම් සමතුලිත කිරීම සහ විවිධ පැවරුම් සේවා සඳහා වන ගිණුම්කරණ ක‍්‍රමවේද නිවැරදිව යෙදවීමට හැකි වීම.
ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් භාවිතයෙන් ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණයේ සංකීර්ණ ගැටලූ නිරාකරණය කිරීමට හැකි වීම.
සමුපකාර සංවර්ධන නිලධාරීන් සඳහා ප‍්‍රායෝගික ගිණුම්කරණය පුහුණු වැඩසටහන
What you'll learn
න්‍යායාත්මක ගිණුම්කරණයේ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
න්‍යායාත්මක ගිණුම්කරණය සහ ප‍්‍රායෝගික ගිණුම්කරණය අතර ඇති සමානකම් හා වෙනස්කම් හඳුනාගෙන, ඒවා නියාමන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වීම.
සමුපකාර සමිතිවල මූල්‍ය වාර්තා නිවැරදිව කියවීමට, තක්සේරු කිරීමට සහ එහි ගිණුම්කරණ පද්ධතියේ දුර්වලතා හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර සමිතිවල ගිණුම්කරණ කටයුතු සඳහා නිවැරදි උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දීමට හැකි වීම.
සකසුරැවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති සඳහා ගිණුම්කරණ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සණස සමිතියක භාණ්ඩාගාරිකවරයෙකුගේ ප‍්‍රධාන භූමිකාවන්, රාජකාරි සහ නෛතික වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර සණස සමිතියක ගිණුම්කරණ ප‍්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප‍්‍රකාශන නිවැරදිව පිළියෙල කිරීමට හැකි වීම.
මූල්‍ය වාර්තා විශ්ලේෂණය කර, එම තොරතුරු මත පදනම්ව සමිතියේ තත්ත්වය අර්ථකථනය කිරීමට හැකි වීම.
ආයෝජන කළඹ කළමනාකරණය පිළිබඳ මූලික දැනුම ලබා ගැනීම සහ අයවැය ක‍්‍රියාත්මක කිරීමට අනුකූලව කටයුතු කිරීමට හැකි වීම.
සමුපකාර සණස සමිතිවලට අදාළ ගිණුම්කරණ ප‍්‍රමිතීන් සහ විගණනය හා අභ්‍යන්තර පාලන ක‍්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ සිද්ධාන්ත පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
මූලික ගිණුම්කරණ සිද්ධාන්ත හඳුනා ගැනීමට හැකිවීම.
එම සිද්ධාන්ත ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළින් සමුපකාර ගිණුම්කරණයේ දී භාවිත වන ආකාරය අවබෝධ කර ගැනීමය හැකිවීම.
නිවැරදි ගිණුම්කරණයක් සිදු නො කිරීම තුළින් සමිතියක් මුහුණ දෙන අවදානම හඳුනා ගැනීමට හැකිවීම.
බදුකරණය පිළිබද සහතික පත‍්‍ර පාඨමාලාව
What you'll learn
ශ‍්‍රී ලංකාවේ බදුකරණයේ ව්‍යුහය සහ අරමුණ අවබෝධ කරගැනීම.
නිදහස්කිරීම් නිර්ණායක හඳුනාගෙන ඒවා සමුපකාර මෙහෙයුම් සඳහා භාවිතයට හැකිවීම
වැට් බදු අදාළත්වය සහ අනුකූලතා අවශයතා තීරණය කරීමට හැකිවීම
SCL නිවැරදිව ගණනය කිරීම පිළිබද අවබෝධයක් ලැබීම
වක‍්‍ර බදු බැඳීම් හඳුනාගෙන ඒවාට අනුකූල වීම
බදු අනුකූලතා කාර්යයන් සඳහා ඍ්ඵී සංචලනය පිළිබද අවබෝධයක් ලැබීම
පරිපාලන ක‍්‍රියාවලීන් සහ නීතිමය අයිතිවාසිකම් පිළිබද අවබෝධයක් ලැබීම
බදු අනුකූලතාව සහ ඉතුරුම් ප‍්‍රශස්ත කිරීම සඳහා බදු සැලසුම් උපායමාර්ග හදුනාගැනීමය හැකිවීම
ක්ෂුද්‍රමුල්‍යකරණ පිළිබද සහතිකපත‍්‍ර පාඨමාලාව
What you'll learn
ක්ෂුද්‍රමූල්‍යකරණය සහ සමාජ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම
මූල්‍ය සාක්ෂරතාවය සහ ක්ෂුද්‍රමූල්‍ය ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම
ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍යකරණයේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීම.
ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල යහපාලනය සහ මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම.
ණය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීම.
ගණකාධිකරණ සහතිකපත‍්‍ර පාඨමාලාව
What you'll learn
මූල්‍ය ගිණුම්කරණයේ මූලධර්ම සහ සමුපකාර අංශයේ ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි වීම.
වි.සේ.ස සමිතිවල එදිනෙදා ගනුදෙනු නිවැරදිව වාර්තා කිරීමට, ලෙජර පවත්වාගෙන යාමට සහ මූල්‍ය ප‍්‍රකාශන සකස් කිරීමට හැකි වීම.
සමුපකාර නීතියට අනුව ගිණුම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වන නෛතික අවශ්‍යතා සහ වගකීම් හඳුනා ගැනීමට හැකි වීම.
සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ එහි කළමනාකරණයට ගිණුම්කරණයේ දායකත්වය අවබෝධ කර ගැනීමට හැකිවිම
බැංකු කළමනාකරණ ඩිප්ලෝමාව
What you'll learn
සමුපකාර සංවර්ධනය, ව්‍යාපාර පරිසරය සහ බැංකුකරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
කළමනාකරණයේ න්‍යාය හා ව්‍යවහාරය සහ මූල්‍ය හා බැංකු ක‍්‍රම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
බැංකු මෙහෙයුම් කළමනාකරණය සහ ක්ෂුද්‍රමූල්‍යකරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
බැංකුකරණය සඳහා අදාළ නීතිමය රාමුව, මූල්‍ය ගිණුම්කරණ ක‍්‍රමවේද සහ විශේෂයෙන්ම සමුපකාර ග‍්‍රාමීය බැංකු ගිණුම්කරණය පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවීම
සේවා අලෙවිකරණය, පාරිභෝගික සත්කාරය සහ ග‍්‍රාමීය බැංකු මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජන විවිධාංගීකරණය පිළිබඳ තීරණ ගැනීමට හැකි වීම.
ක්ෂුද්‍රමූල්‍යකරණ පිළිබද ඩිප්ලෝමාව
What you'll learn
ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් විසින් සිදු කළ යුතු ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණ ක‍්‍රියාකාරකම් හදුනා ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් කළමනාකරණය හා ගිණුම් පවත්වාගෙන යායුතු ආකාරය හදුනා ගැනීමට හැකි වීම.
තම වෘත්තිය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය තාක්ෂණය හා නීතිමය කරුණු පිළිබද අවබෝධ කර ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණයට අදාළව ණය හා තැන්පත් උපකරණ සංවර්ධනය කිරීමට හැකි වීම.
- 1
- 2