පාසල් සමුපකාර සමිති පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
What you'll learn
පාසල් සමුපකාර සමිතියක වැදගත්කම, එහි ප්රතිලාභ සහ සිසුන්ට එයින් ලැබෙන අධ්‍යාපනික වටිනාකම පාසල් ප්‍රජාවට පැහැදිලි කරයි.
සමුපකාර දර්ශනය හා සමුපකාර ක්රමයේ කාලීන අවශ්‍යතාවය අවබෝධ කරගෙන ඒ සඳහා පාසල තුල සමුපකාර සමිති ප්රවර්ධනයක් කරනු ලබයි.
පාසල් මට්ටමින් සමුපකාර සමිතියක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර ගනු ලබයි .
සමුපකාර සමිති කාරකසභා / අධ්යක්ෂ මණ්ඩල කාර්යභාරය හා වගකීම් දෙවන වැඩසටහන
What you'll learn
සමුපකාර සමිතියක කාරක සභා/අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට නෛතිකව පැවරි ඇති කාර්යයන් බලතල සහ යුතුකම් නිවැරදිව හඳුනාගෙන කටයුතු කරයි
සමුපකාර සමිතියේ ව්‍යාපාර කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව තිරණ ගනු ලබයි.
සමුපකාර සමිති කාරකසභා / අධ්යක්ෂ මණ්ඩල කාර්යයන් සම්බන්ධ නෛතික බැදිම් හදුනාගෙන නීතිමය රාමුවට අනුව කටයුතු කරයි.
සමුපකාර සමිති අධ්යක්ෂ මණ්ඩල, කාරකසභා මූලික දැනුවත් කිරීමේ පුහුණුව
What you'll learn
සමුපකාර දර්ශනය හා සමුපකාර ක්‍රමය හදුනාගෙන කටයුතු කරයි.
අධ්යක්ෂ මණ්ඩලය/ කාරකසභා සාමාජීකයින් හා සමුපකාර සමිති පාලනයට අදාළ වන නෛතික විධිවිධාන පිළිබඳව අවබෝධයකින් කටයුතු කරයි.
අධ්‍යක්ෂවරයෙකු ලෙස අත්‍යවශ්‍ය නෛතික වගකීම් මූලිකව හදුනාගෙන සමිතියේ කටයුතු නිවැරදිව සහ විධිමත්ව ඉටු කරයි.
ප්‍රායෝගික අලෙවිකරණ සැලැසුම් සකස් කිරීමේ පුහුණුව
What you'll learn
අළෙවි සැලසුම් සකස් කිරීම පිළිබඳ න්‍යාත්මක හා තාක්ෂණික දැනුම යොදාගෙන සමුපකාර සමිතිවල අළෙවි සැලසුම් සකස් කරනු ලබයි.
සමුපකාර සමිතිවල සංවර්ධන සැලසුම් අනුව ඉලක්ක ළඟාකර ගැනීමට හැකිවන පරීදි ආංශික අළෙවි සැලසුම් අදාළ නිළධාරීන් විසින් සකස් කෙරේ.
සමුපකාර සමිතිවල සේවක විනය කළමනාකරණය වැඩමුළුව
What you'll learn
සමුපකාර සංවිධානවල සේවක විනය පිළිබඳ මූලධර්ම සහ නීතිමය රාමුව අනුව කටයුතු කිරීම.
සමුපකාර සහ කම්කරු රෙගුලාසිවලට අනුකූලව සාධාරණ හා ඵලදායී විනය ක්‍රියා පටිපාටි යෙදවීම.
ධනාත්මක සේවක සබඳතා පවත්වා ගැනීම සඳහා විනය ගැටළු වෘත්තීයමය වශයෙන් හැසිරීම.
Intermediate
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන
$0.00
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන
What you'll learn
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයාගේ භූමිකාවට අදාල නීතිය හා නෛතික විධිවිධාන අනුව කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයාගේ විෂයානුබද්ධ තිරණ ගැනීම හා ගැටළු විසදීම සාර්ථකව සිදුකරනු ලබයි.
මුදුන් මට්ටමේ සංගම් සදහා අධ්යක්ෂ මණ්ඩල පුහුණු වැඩමුළුව
What you'll learn
ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය,සමුපකාර අනන්‍යතාවය සහ වර්තමාන සමුපකාර නීතිමය රාමුව පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවිධානයක යහපාලනය පවත්වා ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ භූමිකාව, බලතල සහ වගකීම් නිවැරදිව හඳුනාගැනීමට හැකි වීම.
සමුපකාර සමිතියේ/සංගමයේ මූල්‍ය කටයුතු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමට සහ මූල්‍ය විනය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් යෙදවීමට හැකිය.
අධ්යක්ෂ මණ්ඩලය/කාරක සභා රැස්වීම්වලදී තොරතුරු මත පදනම් වූ ඵලදායී තීරණ ගෙන, ඒවා නිවැරදිව වාර්තා කිරීමට හැකිය.
නායකත්ව සහ සන්නිවේදන කුසලතා දියුණු කරගෙන කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.
තීරක විභාග පැවැත්වීම පිළිබඳ වැඩමුළුව
What you'll learn
තීරක විභාග පැවැත්වීමේ නෛතික ක්‍රියාපටිපාටිය සහ මූලධර්ම නිවැරදීව හදුනාගැනීම.
ඵලදායී ලෙස බේරුම්කරුවෙකුගේ කාර්යපටිපාටිය අනුගමනය කිරීම
සාක්ෂි සහ සම්පිණ්ඩන වාර්තා නිවැරදිව පරිශීලනය කරමින් තීරක ප්‍රදාන ලබාදීම හා බලගැන්වීම.
දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන
What you'll learn
සමුපකාර නිළධාරින් තුළ්ින් වෘත්තීය කළමනාකරණ කුසලතා හා නායකත්ව කුසලතා ප්‍රදර්ශනය වේ.
සමුපකාර සමිතිවලින් ලැබෙන වාර්තා නිවැරදිව විශ්ලේෂණය කිරීමට, අර්ථ නිරූපණය කිරීමට සහ ඒවා මත පදනම්ව ඵලදායී ප්‍රතිපෝෂණ ලබා දීමට හැකි වේ.
ක්ෂේත්‍ර කාර්යමණ්ඩල පරිපාලනය සහ කළමනාකරණ ගැටලූ විසඳීම සඳහා තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වේ.
ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය පරිපාලනය කිරීම, සමුපකාර බැංකු නියාමනය කිරීම සහ සංවර්ධන භූමිකාවන් නිසි ලෙස ඉටු කිරීමට හැකිවේ.
සමුපකාර සංවර්ධන නිලධාරි (පළමු ශ්‍රේණිය) පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සමිතියක් සඳහා නව ව්‍යාප්තියක් ආරම්භ කිරීමේදී සංකල්ප පත්‍රිකාවක් / ව්‍යාපෘති යෝජනාවක් /වාර්තාවක් නිවැරදීව සකස් කල හැකිය.
ව්‍යාපෘති යෝජනාවක ශඛ්‍යතාවය සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කල හැකිය.
සමුපකාර සමිතියක පරීක්ෂණ විභාග හා විමර්ශන නෛතික විධිවිධාන අනුව පැවැත්විය හැකිය.
කාර්යාල කළමනාකරණ විධිවිධාන අනුව කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන
What you'll learn
සමුපකාර ව්‍යාපාරයේ මූලික සංකල්ප සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා සමුපකාරවල උපායමාර්ගික දායකත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක්ින් කටයුතු කරයි.
සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයෙකුගේ ප්‍රධාන නියාමන හා සංවර්ධන භූමිකාව මැනවින් ඉටු කරයි.
සමුපකාර අංශයේ පවතින නීතිමය රාමුව, ප්‍රවර්තන අභියෝග සහ ඉදිරියේ ඇති ආර්ථික අවස්ථා විශ්ලේෂණය කිරීමට හැකිය.
සමුපකාර ව්‍යාපාරයේ තිරසාර වර්ධනය සඳහා ඵලදායී උපායමාර්ගික ප්‍රවේශයක් (Strategic Planning) හදුනාගෙන ක්‍රියාත්මක කල හැකිය.
සමුපකාර සංවිධාන කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය පිලිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සංවිධානවලට අදාළව උපායමාර්ගික කළමනාකරණයේ ප්‍රධාන සංකල්ප, මූලධර්ම සහ ක්‍රියාවලීන් ප්‍රායෝගීකව යෙදා ගැනීම.
සමුපකාර ව්‍යවසායන්හි උපායමාර්ගික තීරණ ගැනීමේදී බලපාන අභ්‍යන්තර හා බාහිර සාධක විශ්ලේෂණය කළ හැකිය.
සමුපකාර සංවිධානවල තිරසාරභාවය, තරඟකාරිත්වය සහ සාමාජික සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග ගොඩනගාගත හැකීය.
සමුපකාර සමිතියකට අදාළව උපායමාර්ගික සැලස්මක් හා ක්‍රියාකාරී සැලස්මක් සකස්කරගත හැකිය.